Quick & Delicious Pasta (Macaroni) Recipe | අපේ රසට වැඩි වැඩ නැති පැස්ටා (මැකරෝනි) රෙසිපිය

11 Просмотры
Издатель
Quick & Delicious Pasta (Macaroni) Recipe | අපේ රසට වැඩි වැඩ නැති පැස්ටා (මැකරෝනි) රෙසිපිය

#spicypasta #pasta #macaroni

අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
----------------------------------------------------------------------

⦿ පැස්ටා / මැකරෝනි ( Pasta / Macaroni)
⦿ බිම්මල් ( Mushroom )
⦿ පොල්තෙල් ( Coconut Oil )
⦿ බිත්තර 2 ( 2 Eggs )
⦿ ගම්මිරිස් කුඩු (Pepper Powder)
⦿ තුනපහ ( Curry Powder )
⦿ කහ කුඩු (Turmeric Powder)
⦿ රම්පේ ( Pandan | Rampe )
⦿ කරපිංචා කොළ ( Curry Leaves )
⦿ සුදු ලූණු ( Garlic )
⦿ රතු ලූණු ( Red Onions )
⦿ කෑලි මිරිස් ( Chilli Flakes )
⦿ රස පදමට ලුණු (Salt to taste)

----------------------------------------------------------------------

- මුලින්ම පැස්ටා ටික හොඳට සෝදගන්න

- භාජනයකට වතුර එකක් දාලා ඒකට පොල්තෙල් පොඩ්ඩක් / ලුණු පොඩ්ඩක් දාලා හොඳට නටවගන්න.

- ඊට පස්සේ සෝදගත්ත පැස්ටා එක ඒකට දාලා බෙරිනොවෙන ගානට තම්බගෙන වතුර ටික පෙරා ගන්න

- අපි මේකට බිම්මල් දාන නිසා මුලින්ම බිම්බල් පොඩි කෑලි වලට ඉරාගෙන රන්වන් පාට වෙනකල් තෙලේ බැදගෙන, ඒ ටික වෙනම අයින් කරලා තියාගන්න.

- ඊට පස්සේ ඒ තෙල් එකටම සුදුලූණු , රතු ලූණු , රම්පේ, කරපිංචා, බෝංචි, කැරට් , ලීක්ස් පිලිවෙලට එකතු කරගෙන එළවලු මිශ්‍රණය හදාගන්න.

මේකට ලුණු කුඩු, කහකුඩු, තුනපහ, කෑලි මිරිස් අවශ්‍යය ප්‍රමාණ වලින් රස අනුව එකතු කරගන්න.

- ඊට පස්සේ මේකටම බිත්තර 2ක් කඩලා දාගෙන ඊට උඩින් ගම්මිරිස් කුඩු දාලා එළවලුවත් එක්ක හොඳට කලවම් කරගන්න.

- ඊට පස්සේ අපි මුලින් තම්බල ගත්ත පැස්ටා එක මේකට දාලා හොඳට කලවම් කරගන්න

- ඊට පස්සේ අපි මුලින් බැඳලා අයින් කරගත්ත බිම්මල් ටිකත් මේකට දාලා කලවම් කරගන්න.

කලවම් කරනකොට පැස්ටා (මැකරෝනි) හැන්දට පොඩිවෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න මතක තියාගන්න

උණුවෙන්ම කෑවොත් රස තවත් වැඩියි
Категория
Паста
Комментариев нет.